1989 වර්ෂයේ සිට අ. පො. ස. ( උ. පෙ. ) ශ්‍රේණිය සඳහා නාට්‍ය රංග කලාව විෂය ආරම්භ කරනු ලැබුයේ සිසුවියන් 04 දෙනෙකුගෙනි. විෂයෙන් 100% ප්‍රථිඵල ලැබීම සුවිශේෂී අත්දැකීමක් විය. එහෙත් මෙතෙක් සෑම වර්ෂයකම විශිෂ්ඨ ප්‍රථිඵල ලබා ගැනීමට හා විශ්ව විද්‍යාලයට ඇතුලත්වු ශිෂ්‍ය ශිෂ්‍යාවෝ බොහෝමයකි.
2002 වර්ෂයේදී ප්‍රථම වරට අ. පො. ස. ( සා. පෙ. ) විභාග සඳහා පෙනී සිටි සිසු දරුවන් ඉහළ ප්‍රථිඵල ලබා ගත්හ. 1989 වර්ෂයේ සිංහල භාෂා තරගාවලියේ නාට්‍ය අංශය සඳහා විෂය භාර ආචාර්නී ඩී. එම්. ලලිතා ජයරත්න මහත්මිය විසින් ඉදිරිපත් කල නල දමයන්ති නාට්‍ය පළාත් ප්‍රථම ස්ථානය දිනා ගනු ලැබීය. පී. එම්. පීලිකුඹුර මහතා නිෂ්පාදනය කළ දර්පන තල නාට්‍ය සමස්ත ලංකා ටවර් හෝල් නාට්‍ය තරගයෙන් විවෘත ප්‍රථම ස්ථානය හිමිකර ගනු ලැබීය. පිංගුත්තර 2001 /2002 සමස්ත ලංකා නාට්‍ය තරගය සඳහා ඉදිරිපත් කරනු ලැබුයේ ඩී. එම්. ලලිතා ජයරත්න මහත්මිය විසිනි. ‘‘ පාඩම ˜ ශෛලිගත නාට්‍ය හොඳම නළුවා . හොඳම නිළිය . හොඳම සහය නළුවා . හොඳම වේෂ භුෂණ නිර්මානය යනාදී කුසලතා සම්මාන රැසක් හිමිකර ගනු ලැබීය.
''2021 ‘‘ පබවත සඳ " නාට්‍යයෙන් පළාත් ප්‍රථම ස්ථානය හිමිකර ගනු ලැබීය. 2021 වර්ෂයේ සිට සමස්ත ලංකා පාසල් නාට්‍ය හා රංග කලාව තරගයෙන් ඒකල හා සමුහ අභිරෑපණ තරග ඉසව්වලින් බොහෝ ජයග්‍රහන හිමිකර ගැනීමට සිසු දරුවන් වාසනාවන්ත වුහ''.
විෂයයේ හොඳම ප්‍රථිපල ලබා දුන් ගුරුභවතුන් වෙනුවෙන් ඇඹිලිපිටිය කලාප හා සබරගමුව පළාත්අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් විශේෂ සම්මාන ලාභීන්වීමට විෂයභාර ඩී. එම්. ලලිතා ජයරත්න මහත්මිය සමත් වු අතර සෑම වසරකම විශිෂ්ඨ ප්‍රතිඵල ලබා දීම වෙනුවෙන් එච්. එම්. ජී. සේපාලි දිසානායක මිය.ජේ. එන්. නිලුකා ජයවර්ධන මිය. පී.ආර්. මැටිල්ඩා කුමාරි මිය ද සම්මාන ලාභී වුහ..
නාට්‍ය හා රංග කලා අංශයේ සුවිශේෂී අවස්ථා
සමස්ත ලංකා නාට්‍ය හා රංග කලා - 2021, සමුහ කුසලතා අභිරූපන