ඉතිහාසය
1896 ආරම්භ කළ මෙම පාසලේ මුල්ගුරුතුමා වන්නේ “ දියෝනිස් ‘‘ ගුරුන්නාන්සේය. විද්‍යාලය මුලින්ම ආරම්භ කර ඇත්තේ මාදම්පේ වලව් කඩේ පොල් මඩුව නම් ස්ථානයේය. මෙ සිසුන් 11 ක් දෙනෙකු පමණ අධ්‍යාපනය ලැබු අතර ගුරු සංඛ්‍යාව 02 කි . අනතුරුව මෙම පාසල මහතැන්න ( ගාමිණී මහතාගේ නිවස ) නම් ස්ථානයට මාරු කර අධ්‍යාපන ආයතනයක් වශයෙන් පවත්වාගෙන යද්දී වර්ථමාන පාසල පිහිටි ප්‍රදේශය රජයෙන් වෙන් කරන ලදී. ඉන්පසු මෙම භූමි භාගයේ මෙම විද්‍යාලය ආරම්භ වී අද වන විට ර/ඇඹි/ මාදම්පෙ විජය මහා විද්‍යාලය නමින් රටට වැඩ දායක සිසුන් රාශියක් තෝතැන්නක් බවට පත්ව ඇත. 1915 සිට 2003 දක්වා විදුහල්පතිවරුන් 21 ක් දෙනෙකු සේවය කර ඇත. 1915.02.01 සිට 1916.03.01 දක්වා ආර්. ඩී. සී. ජයසිංහ මහතා විදුහල්පති වශයෙන් සේවය කර ඇත. ළමුන් 11 දෙනෙකුගෙන් ආරම්භ කරන ලද මෙම විදුහලේ දැනට ළමුන් 1000 ක් පමණ ඉගෙනුම ලබයි. 1966 වර්ෂයේ දී කලා , වාණිජ උසස් පෙළ පන්ති ආරම්භ කිරීමෙන් පසු විවිධ දක්ෂතා ඇති සමාජයට සේවය කරන පුරවැසියන් ගණනාවක් බිහිකර ඇත.
|
ආරම්භ කළ වර්ෂය |
1886 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
01 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
05 |
|
මුල් ගුරුතුමාගේ නම |
දියෝනිස් ගුරුන්නාන්සේ |
|
පාසලේ ආදි කතෘගේ නම |
දියෝනිස් ගුරුන්නාන්සේ |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
11 |
|
පාසලේ නම |
ර /ඇබි /මාදම්පේ විජය මහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
දියෝනිස් ගුරුන්නාන්සේ |
|
පාසල රජයට පවරාගත් දිනය |
1955 ඔක්තෝම්බර් 15 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
ඇත්තලවත්ත පාරේ පොල් මඩුවක |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
ඩිංගිරි මුදියන්සේ |
1886 වර්ෂයේ ආරම්භ කළ මෙම පාසල අටකලන්පන්න මාදම්පෙ නගරයේ පිහිටි දීප්තිමත් පාසලකි.මුලින් මෙම පාසල නම්කර ඇත්තේ මාදම්පේ පාඨශාලාව නමිනි. ජනප්‍රවාදවලට අනුව මෙහි මුල්ම ගුරුවරයා ලෙස හැදින්වෙන්නේ දියෝනිස් ගුරුන්නාසේය. දරුවන් 11 දෙනෙකුගෙන් හා ගුරුවරුන් දෙදෙනකුගෙන් මෙම පාසල ආරම්භ කර ඇත. කෙටි කලක් පොල් මඩුව නම් ස්ථානයේ පවත්වාගෙන ගිය මෙම පාසල ඉන් පසුව මාදම්පේ වලව්කඩේ අසල පිහිටි මහතැන්න වීරකෝන් නිවස අසලට ගෙන ගොස් එම ස්ථානයේ පවත්වා ඇත. වර්තමානයේ රජයෙන් ලැබුණු අක්කර 5ක පමණ භූමියක මෙම පාසල ස්ථාපිත කරන ලද්දේ විසිවෙනි සියවසේ මුල් දශකයේදී බව ඉතිහාස ගත තොරතුරු හෙලි කරයි. මාදම්පේ මිශ්‍ර පාඨශාලාව ලෙස හැදින්වුනු මෙහි ගුරු සිසු සංඛ්‍යාව කෙමෙන් ඉහළ යන්නට විය. පාසල පිළිබද ලිඛිත තොරතුරු දක්නට ලැබෙන්නේ 1915.08.01 දින සිටය.
නැටුමෙන් ගැයුමෙන් රැගුමෙන් ජාතික මට්ටමේ විජය දරුවන් දැක්වු දස්කම් වල ප්‍රතිඵලයක් ලෙස 1960 දශකයේ පළාතේ කිසිදු පාසලක නොමැති විශිෂ්ඨ ගණයේ රංග ශාලාවක් මෙම පාසලට ලැබි ඇත. එය අද අළුත්වැඩිය කරගතයුතු තත්ත්වයේ පවති. මෙම දශකයේ විද්‍යාලයේ සෞභාග්‍යමත් යුගය ඇරඹී ඇත. සෞන්දර්ය පාසලක් ලෙස මෙම විද්‍යාලය ලබා ඇත්තේ විශ්ව කීර්තියකි. සිතුවමින් දස්කම් පෑ මෙම පාසලේ දූ දරුවන් ජාතික මෙන්ම ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා රන් පදක්කම් දිනා ගනිමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දී ඇත. ජපානය, කොරියාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, ජර්මනියාව, කියුබාව, පින්ලන්තය, සිංගප්පූරුව, චෙකොස්ලොවැකියාව වැනි රටවලින් විජය දරුවන් දිනා ඇති රන් හා රිදී පදක්කම් සංඛ්‍යාව ප්‍රදේශයේ පමණක් නොව ශ්‍රී ලංකාවේ සෙසු පාසල් අභිබවා ඉහලින් ම සිටී. 1979,1985 යන වර්ශ වල ඉන්දියානු හා ඕස්ට්‍රේලියානු තානාපති වරුන්ගේ කිර්ති ප්‍රශංසා වලට විජය දරුවෝ ලක් වුහ. මෙම කාලය තුළ නාට්‍ය , නර්තනය , සංගිතය ක්‍රීඩාව යන අංශ වලින් සමස්ත ලංකා ප්‍රථම ස්ථාන දිනා ගන්නේ අනගිභවනීය ලෙසටය. පාසලේ අභිමානය කියා පාන පාසල් ගීතය නිර්මාණය කර ඇත්තේද ප්‍රදේශයේ ප්‍රභූවරයෙකු වන එම්.එල්.පී. මහවෙල මැතිදුන් විසිනි.