• 0452273345
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
MADAMPE WIJAYA M.V.

මාදම්පෙ විජය මහා විද්‍යාලය

Embilipitiya Zone

  • Register
  • Login
MADAMPE WIJAYA M.V.

මාදම්පෙ විජය මහා විද්‍යාලය

Embilipitiya Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

ජයග්‍රහණ

  1. Home
  2. ජයග්‍රහණ
  3. Academic Achivements
  4. ලෝක ජනාවාස දිනය 2022 - ප්‍රථම ස්ථානය

ජයග්‍රහණ

ලෝක ජනාවාස දිනය 2022 - ප්‍රථම ස්ථානය

මාදම්පෙ හංදියේ සිට රක්වාන මාර්ගයේ මද දුරක් ගිය විට සුන්දර කඳුවැටියක් මත පිහිටි ර/ මාදම්පෙ විජය මහා විද්‍යාලය දැක ගත හැක. මෙම පාසල ඈත අතීතයේ දී චිත්‍ර කලාව සඳහා වඩාත් ප්‍රසිද්ධ සෞන්දර්ය පාසලක් ලෙසට පැවතිණ. චිත්‍ර කලාව ගැන කතා කිරීමේ දී අදටත් අප ගෞරවයෙන් සිහිපත් කළ යුත්තේ හිටපු සෞන්දර්ය කලා අධ්‍යක්ෂක ඒ. ඩබ්. සිරිල් ගුණවර්ධන මහතා හා උපාලි රංජිත් රණවක මහතාය. ඔවුන්ගේ දැඩි කැපවීම මත ලෝකයේ රටවල් ගණනාවක සහභාගිත්වයෙන් පැවැති ජාත්‍යන්තර චිත්‍ර තරගවල දී රන් පදක්කම් දිනා ගැනීමට මෙම විද්‍යාලයේ සිසුන්ට හැකි විය.

එකල මෙම විදුහල සමග තරග කිරීමට සිටි එකම විදුහල නම් කොළඹ ආනන් ද විදුහල පමණි. එනමුදු එවැනි සුපිරි විද්‍යාල අභිබවා විජය මහා විද්‍යාලයේ දරු දැරියන් ඉදිරියෙන් සිටියහ. කුප්පි ලාම්පු එළියේ උපකාරයෙන් චිත්‍ර වර්ණ කළ මෙම දරු දැරියන්ගේ චිත්‍ර රන් , රිදී , තඹ පදක්කම් ලබා දීමට වාසනාව උදාකළා සේම විදේශ සංචාර සඳහා ද අවස්ථාව ලබා දුනි.

 

“ගොඩ මඩ දෙකම සරුසාරය පළ බරය    

   කටු රොද ගම්මාන තරමක පිටිසරය “

යන කාව්‍ය ලියු සාගර පළන්සුරිය ශූරීන් මුලික අධ්‍යාපනය ලබා ඇත්තේ කටු රොද ගමට යා බදව තිබු මාදම්පෙ විජය මහා විද්‍යාලයෙනි. එකල පිටිසර ගමක තිබු මෙම ජාත්‍යන්තර කීර්තියට පත් සෞන්දර්ය විද්‍යාලයේ දරු දැරියන් දෙදෙනෙක් ත්‍යාග සහ සහතික පත් ලබමින් ඉන්දීවේ සංචාරය කර එවකට ඉන්දීය ජනපති සංජීව රෙඩ්ඩි මැතිතුමා අතින් රන් පදක්කම් ලැබීමේ භාග්‍ය උදාකර ගත්හ. ඔවුන් නම්
කුමාර කලටුආරච්චි ශිෂ්‍යා හා වීනිතා ප්‍රනාන්දු ශිෂ්‍යාවයි එසේම ඕස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට ද අප විද්‍යාලයේ දීපිකා විජේසිංහ ශිෂ්‍යාවට වාසනාව උදාවිය. ජපානය, පින්ලන්තය වැනි රටවලින් ද චිත්‍ර තරග සඳහා රන් පදක්කම් දිනා ගත හැකි විය.

Search

Achievement Categories

  • Academic Achivements

  • Sport Achivements

  • Non-Academic Achivements

  • Student Achievements

  • Teachers Achievements

MADAMPE WIJAYA M.V.

මාදම්පෙ විජය මහා විද්‍යාලය

Embilipitiya Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය Madampe Wijaya Maha Vidyalaya,Madampe Atakalanpanna
  • දුරකථන 0452273345

Supported By

© 2026 MADAMPE WIJAYA M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk