සිහින දකින අපේ ලොවක් ලෝක ළමා දිනය වෙනුවෙන් ළමා දින උත්සවය ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වුනි.
ගෝලීය ලෙසින් ළමයින්ට ගරු කරනු වස්, ලෝකයේ විවිධ ස්ථානයන්හී ලෝක ළමා දිනය සැමරුම සඳහා විවිධ දිනයන් භාවිතා කෙරෙයි. මෙසේ දිනයක් වෙන් කළ යුතු යැයි මුලින්ම ප්රකාශයට පත් කෙරුණේ, 1925දී පැවැත්වුනු ළමුන්ගේ සුබ-සාධනය පිළිබඳ ලෝක සමුළුවෙහිදී වන අතර, 1954 දී තීරණය වුනේ විශ්ව වශයෙන් "සුදුසු" දිනයක් තෝරාගත යුතු බවයි
මෙම ඔක්තෝබර් මාසය ශ්රී ලාංකික අපට මෙන්ම ලෝකවාසී සියලුම දෙනාට වැදගත් වන තවත් හේතුවක් නම් ඔක්තෝම්බර් 31වන දිනට යෙදී තිබෙන ලෝක සකසුරුවම් දිනය යි. 1924දී ලෝක ඉතිරිකිරීමේ බැංකු කොංග්රසය විසින් සෑම වසරකම ඔක්තෝම්බර් 31 වැනිදා ලෝක සකසුරුවම් දිනය ලෙස නම් කළ අතර, මෙවර අප සමරන්නේ 98 වැනි ලෝක කසුරුවම් දිනය යි . ලෝක ඉතිරිකිරීමේ බැංකු කොංග්රසය විසින් පිළිගත් , ශ්රී ලංකාවේ එකම සාමාජික බැංකුව වන ජාතික ඉතිරිකිරීමේ බැංකුව ද සෑම වසරකම ඔක්තෝම්බර් මාසය පුරාම සකසුරුවම්කම ඔප්නංවනාවූ වැඩසටහන් දියත් කරනු ලබයි .